පාර්ලිමේන්තුව අද (26) පෙරවරු 09.30ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා.
ඒ අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළා.
ඒ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දුන් තීන්දුව පිළිබඳව රජයේ නිල ස්ථාවරයයි.
එහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ,
“පොලිස්පති සම්බන්ධව වැඩ අත්හිටුවා ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය බලරහිත කළයුතු යැයි කථානායකවරයා සහ පාර්ලිමේන්තුව වෙත සිහිපත් කරනවා. කථානායකවරයා මේ සම්බන්ධව හැකි ඉක්මණින් මැදිහත් වන ලෙස අපි දන්වා සිටිනවා.” ලෙසයි.
ඒ අනුව පොලිස්පති ධුරය පුරප්පාඩු නොවන බවත් ජනාධිපතිවරයාට වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කළ නොහැකි බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළ අතර අදාළ වාරණ නියෝගය පාර්ලිමේන්තුවට පිළිගත නොහැකි බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.