බෝගම්බර බන්ධනාගාරයේ සිටි සිරකරුවකු පහරදීමෙන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී දිසානායක මහතා පැවසුවා.
බෝගම්බර බන්ධනාගාරයේ රදවා සිටි එම සිරකරුවකු කල්මුනේ මහාධිකරණයේ පවතින නඩුවක් සදහා ඉදිරිපත් කිරීමට බෝගම්බර බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂණයක් මගින් මඩකලපුව බන්ධනාගාරයවෙත රැගෙන යමින් සිටි බවත් ඒ අතරතුර උඩුදුම්බර ප්‍රදේශයේදී ආරක්ෂණය භාරව ගිය සැරයන් වරයෙකුට හා මාංචු භාර නිලධාරියාට සිරකරු මාංචුවෙන් පහරදීමෙන් තුවාල ලැබූ නිලධාරීන් දෙදෙනා උඩුදුම්බර රෝහල වෙත ඇතුලත් කර තත්වය බරපතල වීම හේතුවෙන් මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත මාරුකළ බවයි ඒ මහතා පැවසුවේ.
සිද්ධිය වාර්තා වූ වහාම කඩිනමින් බෝගම්බර බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් උඩුදුම්බර පොලිස් ස්ථානය වෙත යොමුකර ආරක්ෂණය නැවත බෝගම්බර බන්ධනාගාරය වෙත ගෙන්වා සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සිරකරු අධිකරණයවෙත ඉදිරිපත් කිරීම සදහා මඩකලපුව බන්ධනාගාරයවෙත මාරුකිරීමට කටයුතු කළ බවත් ඒ සම්බන්ධයෙන් බෝගම්බර බන්ධනාගාරය විමර්ශන කටයුතු ආරම්භකර ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.