Latest News

ශ්‍රී ලංකාවේ Paye Tax සීමාවට වෙනසක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ උපයන විට බදු සීමාව මසකට රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා වැඩි කිරීමට IMF එකඟ වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනපතිවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වෙමින්.

එහි දී ජනාධිපතිවරයා පැවසුවේ,

“තුන්වෙනි සමාලෝචනය පටන් ගන්නකොට අපේ යෝජනාවන් වුණේ වෘත්තීයවේදීන් මත පනවා තිබූ උපයනවිට ගෙවන බද්ද පිළිබඳව. අපි නැවත සාකච්ඡා ආරම්භ කළා. බද්ද පනවන සීමාව ලක්ෂයකට උඩ. අපි එය 150,000 දක්වා වැඩි කරගන්න සමත් වුණා. ඒ වගේම 6%ක බද්දකට යටත් වනපරිදි පුද්ගලික ආදායම් බද්දේ 1 වන කාණ්ඩය රු 500,000 සිට රු ලක්ෂ 10 දක්වා සංශෝධනය ලබාගන්න අපි සමත් වුණා. ඒ අනුව 150,000ක් මාසෙකට වැටුපක් ගන්න කෙනෙකුගේ බදු 100%ක් නිදහස්. රු 200,000ක් වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 71%කින් නිදහස්. රු 250,000ක වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 61%කින් නිදහස්. රු 300,000ක වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 47%කින් නිදහස්. රු 350,000ක් වැටුපක් වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 25.5%කින් නිදහස්. වැඩි ආදායම් ලබාගන්නා අයට අඩු සහනයකුත් අඩු ආදායමක් ගන්නා අයට වැඩි සහනයකුත් ලෙස අපි උපයනවිට ගෙවන බද්ද සංශෝධනය කරගන්න සමත් වුණා.”

එමෙන්ම දේශීය කිරි සහ යෝගට් නිෂ්පාදනය සඳහා අදාළ වැට් බද්ද ඉවත් කිරීමට IMF සමඟ එකඟ වූ බවයි ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

World News

Send your contact Details Today