2005 -2024 කාලය තුළ ජනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවේදී හෙළි කළා.
මෙම අරමුදල්වලින් සමහරක් වෛද්‍ය හේතූන් මත ඉල්ලා ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, දේශපාලනඥයන් විසින් මෙතරම් විශාල මුදලක් ලබාගෙන ඇත්තේ කුමන අරමුණු සඳහාදැයි ප්‍රශ්න කළා.
ජනාධිපති අරමුදල ස්ථාපනය කර ඇත්තේ, දුගීභාවයට සහන සැලසීම සහ මහජනයාගේ සුභසිද්ධිය වැනි පුළුල් අරමුණු කිහිපයක් වෙනුවෙන් වනවා.
එලෙස ජනාධිපති අරමුදලින් මුදල් ලබාගෙන ඇති දේශපාලකයන්ගේ ලැයිස්තුව පහතින්…
- පී. හැරිසන්
- පියසේන ගමගේ
- සුමේධා ජයසේන
- මනෝජ් සිරිසේන
- පී. දයාරත්න
- එස්.ඊ. මුතුකුමාරණ
- වාසුදේව නානායක්කාර
- සරත් අමුණුගම
- එස්.බී. නාවින්න
- දයාසිරි ජයසේකර
- පියල් නිශාන්ත ද සිල්වා
- සුසිල් ප්‍රේමජයන්ත
- ඉසුර දේවප්‍රිය
- එස්.ඒ. ජගත් කුමාර – ලක්ෂ 10
- කේ.පී.එස් කුමාරසිරි – රු. 953,430
- ජයලත් ජයවර්ධන – ලක්ෂ 10
- නාමල් ගුණවර්ධන – ලක්ෂ 10
- ධර්මදාස බණ්ඩා – ලක්ෂ 10
- විදුර වික්‍රමනායක – ලක්ෂ 15
- විමලවීර දිසානායක – ලක්ෂ 30
- ලකී ජයවර්ධන – ලක්ෂ 16.2
- බී. චන්ද්‍රසේකරන් – ලක්ෂ 14
- ජෝන් අමරතුංග – ලක්ෂ 40
- ජෝසප් මයිකල්- ලක්ෂ 27
- ටී.බී. එ්කනායක – ලක්ෂ 48
- ඩබ්.එම්.එස්. ෆොන්සේකා – ලක්ෂ 55
- නීතිඥ ජයන්ත වීරසිංහ (හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නීති උපදේශක) – ලක්ෂ 90
- ඇලික් අළුවිහාරේ – ලක්ෂ 22
- රංජිත් අළුවිහාරේ – ලක්ෂ 8.6
- රාජිත සේනාරත්න – ලක්ෂ 100
- කෙහෙළිය රඹුක්වැල්ල – ලක්ෂ 110
- එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන – ලක්ෂ 112
- රංජිත් සොයිසා – ලක්ෂ 188
- දි.මූ. ජයරත්න – ලක්ෂ 300