අමෙරිකාවේ තේරී පත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම දිවුරුම්දීමේ උත්සවය සඳහා චීන ජනාධිපති ෂී ජින්පින්ග්ට ආරාධනා කර තිබෙනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධූරය දරණ කාලයේ චීනය සමඟ පැවති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා එතරම් යහපත් මට්ටමක නොපැවති අතර ඒ හේතුවෙන් චීන ජනාධිපතිවරයා දිවුරුම් දීමේ උත්සවයට සහභාගි නොවනු ඇති බවටයි දේශපාලන විශ්ලේෂකයින් මත පළකරන්නේ.
චීන ජනාධිපතිවරයාට දිවුරුම් දීමේ උත්සවයට ආරාධනා කිරීම හරහා විදෙස් රටවල් සමග විවෘත සංවාදයකට එළඹීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇති වුවමනාව පිළිබිඹු කරන බවයි ට්‍රම්ප්ගේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.