Latest News

ජාතික ඔලිම්පික් කමිටුවට ලැබෙන අරමුදල් අත්හිටුවයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් සහ ආසියානු ඔලිම්පික් කමිටුවෙන් ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කමිටුවට ලබාදෙන අරමුදල් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ ජාතික ඔලිම්පික් කමිටුව අභ්‍යන්තරයේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන්.

කෙසේවෙතත් ඔලිම්පික් ශිෂ්‍යත්ව සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුකරන සෘජු ගෙවීම් එලෙසම ක්‍රියාත්මක කෙරෙන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ජාතික ඔලිම්පික් කමිටුව වෙත ඊමේල් පණිවුඩයකින් දන්වා ඇති බව සඳහන්.

ඊයේ (13) පැවති ජාතික ඔලිම්පික් කමිටු විශේෂ මහ සභා රැස්වීමේදී ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය කඩිනමින් පැවැත්විය යුතු බවට තීරණය වූ බවට වාර්තා වනවා.

කෙසේවෙතත් කමිටුවේ වත්මන් නිල කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ 2026 අප්‍රේල් මාසයේදීයි.

World News

Send your contact Details Today