Latest News

දකුණු කොරියාවේ ජනපතිට එරෙහි දෙවන දෝෂාභියෝගය අද

Published 7 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු කොරියාවේ ජනපති අද දෙවන දෝෂාභියෝග ඡන්දයකට මුහුණ දීමට නියමිතයි.

ඒ කෙටි කාලීන යුද නීතිය පැනවීම හරහා ජනපතිවරයාම රටේ නීතිය කඩ කළ පදනම මත ඔහුට ඉල්ලා අස්වන ලෙස පුළුල් ඉල්ලීම් ඉදිරිපත් වීම හේතුවෙන්.

ජනපති Yoon Suk Yeol ජාතියෙන් සමාව අයැද සිටියත් පසුව ප්‍රකාශ කළේ තම පියවර රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමක් ලෙස ගත් ආරක්ෂක පියවරක් බවයි.

කෙසේ වෙතත් මේ වනවිට දකුණු කොරියානු ජනපතිට එරෙහිව දෙවන දෝෂාභියෝගයක් එරෙට පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

එහි ඡන්ද විමසීම අද එරට වේලාවෙන් පස්වරු 4.00 ට සිදු කරන බවයි රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ.

පසුගිය සතියේත් මෙවැනිම ඡන්ද විමසීමක් පැවති අතර එය ජයගැනීමට අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව සම්පූර්ණ කර ගැනීමට විපක්ෂයට නොහැකි වුණා.

කෙසේ වෙතත් දකුණු කොරියානු ජනපතිවරයාගේ ක්‍රියාවට තදින්ම විරුද්ධත්වය ප්‍රකාශ කරන ඔහුගේම පක්ෂයේ නායකයා, පක්ෂයේ මන්ත්‍රිවරුන් ජනපතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති දෝෂාභියෝගයට සහය පළ කළ යුතු බව පවසා තිබෙනවා.

ඒ අනුව දකුණු කොරියාව තුළ යුද නීතිය ප්‍රකාශ කළ ජනාධිපති යුන් සොක් යොල්ට එරෙහිව ජාතික සභාවට ඉදිරිපත් කළ දෝෂාභියෝගය විපක්ෂය ජයග්‍රහණය කිරීමත් සමග ජනාධිපතිවරයාට සිය ධූරය අහිමි වී තිබෙනවා.

ජාතික සභාව නියෝජනය කරන මන්ත්‍රිවරුන් 300 දෙනාගෙන් යෝජනාවට පක්ෂව ඡන්ද 204ක් ලැබී ඇති අතර, විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 85ක් පමණයි.

ඡන්ද 08ක් අවලංගු වී ඇති අතර, මන්ත්‍රීවරු තිදෙනෙකු පැමිණ සිටියේ නැහැ.

ඒ අනුව, අග්‍රාමාත්‍ය හන් ඩුක් සෝ වැඩබලන ජනපති ලෙස පත් කෙරෙනු ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

World News