Latest News

සකර්බර්ග්ගෙන්, ට්‍රම්ප්ට පගාවක්

Published 8 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Facebook, WhatsApp, Instagram යන සමාජ මාධ්‍ය වේදිකාවල මව් සමාගම වන Meta සමාගම අමෙරිකාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්ති උත්සවයේ අරමුදලට අමෙරිකානු ඩොලර් මිලියනයක් පරිත්‍යාග කර ඇති බව වාර්තා වනවා.

Meta සමාගමේ ප්‍රකාශකයෙක් රොයිටර්ස් පුවත් සේවය වෙත විද්‍යුත් තැපෑලෙන් ප්‍රතිචාර දක්වමින් ඒ බව පවසා ඇති බවයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ.

මෙම ප්‍රවෘත්තිය මුලින්ම වාර්තා කළ වෝල් ස්ට්‍රීට් ජර්නලය ප්‍රකාශ කළේ, මෙම පරිත්‍යාගය ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් සහ මෙටා විසින් පවත්වා ගෙන ආ අතීත පුරුදුවලින් බැහැරවූවක් බවයි.

අමෙරිකානු ජනාධිපති ධූරය සඳහා කමලා හැරිස් නම් කිරීමට පෙර පැවති ජනමාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් සකර්බර්ග්, ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ හැරිස් වෙත සහය පළ කිරීම ප්‍රතික්ෂේප කර තිබුණා.

ෆෝර්බ්ස් සඟරාවට අනුව ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයේ පසුවන්නේ Meta හිමිකරු වන මාර්ක් සකර්බර්ග්.

එම ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසුවන ලොව ධනවතා වන එලෝන් මස්ක් ද මේ වනවිට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයකු ලෙස කටයුතු කරනවා.

World News