Latest News

ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද වාහනවල සත්‍යතාව තහවුරු කිරීම සඳහා අන්තර්ජාලය හරහා පහසුකම්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා රේගුව විසින් නීත්‍යානුකූලව ආනයනය කරන ලද වාහනවල සත්‍යතාව තහවුරු කිරීම සඳහා අන්තර්ජාලය හරහා පහසුකම් සලසා දී තිබෙනවා.

ඒ අනුව, පහත ලබා දී ඇති සබැඳිය ඔස්සේ පිවිස වාහනයේ චැසි අංකය ඇතුළත් කිරීමෙන් වාහනයේ නීත්‍යානුකූලභාවය තහවුරු කරගැනීමටයි අවස්ථාව සලසා දී ඇත්තේ.

https://services.customs.gov.lk/vehicles

මෙමඟින් රට තුළ නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද වාහන සංසරණය අවම කිරීම සහ මෝටර් රථ වෙළඳපොලේ විනිවිදභාවය පෝෂණය කිරීම අරමුණ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ සඳහන් කළේ.

මෙම පහසුකම හරහා 2002 පසු ආනයනය කරන ලද සියලුම මෝටර් රථ සහ 2011 න් පසු ආනයනය කරන ලද සියලුම යතුරුපැදි පිළිබඳ විස්තර ඇතුළත් අතර, වාහන ගැනුම්කරුවන්ට සහ විකුණුම්කරුවන්ට ගනුදෙනු සම්පූර්ණ කිරීමට පෙර පහසුවෙන් නීත්‍යානුකූලභාවය තහවුරු කර ගැනීමේ හැකියාව පවතිනවා.

World News

Send your contact Details Today