Latest News

මරා­ගෙන මැරෙන බෝම්බ­ය­කින් ඇෆ්ගන් අමාත්‍යවරයෙක් ජිවිතක්ෂයට

Published 8 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඇෆ්ග­නි­ස්තා­නයේ කාබුල් අග­නු­වර ඊයේ සිදුවූ මරා­ගෙන මැරෙන බෝම්බ ප්‍රහා­ර­ය­කින් එර­ට­ ස­ර­ණා­ගත කට­යුතු අමාත්‍ය කලීල් හාකානි ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු තලේ­බාන් රජයේ අභ්‍ය­න්තර කට­යුතු අමාත්‍ය සිරා­ජු­ඩීන් හකා­නිගේ ඥාති­යකු වන බවයි වාර්තා වන්නේ.

මරා­ගෙන මැරෙන බෝම්බ­කරු අමු­ත්තකු ලෙස වෙස් ව­ළා­ගෙන අමා­ත්‍යාංශ ගොඩ­නැ­ඟි­ල්ලට ඇතුළු වී ඇති අතර, අමාත්‍යවරයා ලිපි­ය­කට අත්සන් තබන මොහො­තේදී බෝම්බය පුපු­රුවා ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේ.

මීට වසර තුන­කට පෙර තලේ­බාන් සංවි­ධා­නය ඇෆ්ග­නි­ස්තා­නයේ බලය අත්කර ගැනී­මෙන් පසු එරට ඉහළ මට්ටමේ ඝාත­න­යක් සිදුවූ පළමු අව­ස්ථාව මෙය බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කළා.

World News