සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත පන්දුවාර 20 හා එක්දින තරගාවලියේ කාලසටහන නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එළඹෙන දෙසැම්බර් මස අග සතියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.
පන්දුවාර 20 ක්‍රිකට් තරග තුනක් ඇතුළත් වන අතර එහි පළමු තරග දෙසැම්බර් මස 28 වැනිදා බේ ඕවල් – තෞරන්ගා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
දෙවැනි තරගය දෙසැම්බර් මස 30 සහ තෙවැනි පන්දුවාර 20 තරගය සැක්ස්ටන් ඕවල් – නෙල්සන් හිදී පැවැත්වෙන්නේ ජනවාරි මස 02 වැනි දිනයි.
එමෙන්ම එක්දින තරගාවලිය දෙරට අතර නවසීලන්තයේ වෙලින්ග්ටන් නුවරදී ආරම්භ වනවා.
ඒ ජනවාරි මස 05 වැනි දිනයි.
එදින සහ ජනවාරි මස 08 සහ 11 වැනි දෙදිනවල දී සෙසු එක්දින තරග පිළිවෙළින් පැවැත්වෙනු ඇති.
