Latest News

නවසීලන්තය, බලු රේස් තහනම් කරයි

Published 9 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Greyhound Racing ලෙස හඳුන්වනු ලබන සුනඛ ධාවන තරඟ තහනම් කිරීමට නවසීලන්ත රජය යෝජනා කර තිබෙනවා.

ඒ, එවැනි ධාවන තරඟවලදී තුවාල ලබන සුනඛයන්ගේ ප්‍රතිශතය සැළකිව යුතු ලෙස ඉහළ මට්ටමක පවතින බව පවසමින්.

ඒ අනුව 2026 සිට සුනඛ ධාවන තරඟ තහනම් කිරීමට නවසීලන්ත රජය යෝජනා කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය පපැවසුවේ.

නවසීලන්තයේ ග්‍රේහවුන්ඩ් රේසිං කර්මාන්තය සතුන්ගේ සුභසාධනය ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් නොවීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ විවේචනවලට ලක්ව තිබෙනවා.

පසුගිය දශකය තුළ කර්මාන්තය පිළිබඳ සමාලෝචන තුනක් සමඟින් සියලුම ප්‍රධාන වෙනස්කම් නිර්දේශ කර තිබුණා.

“සුනඛයන් අඩුවෙන් මියයන අතර, තුවාල අනුපාතය තරමක් අඩු වුවද, මෙය පිළිගත නොහැකි ලෙස ඉහළ මට්ටමක පවතී” යනුවෙන් විෂයභාර අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ.

නව යෝජනා අනුව ග්‍රේහවුන්ඩ් ධාවන තරඟ මාස 20ක කාලයක් තුළ නවතා දමනු ඇති අතර, ඇස්තමේන්තුගත ධාවන සුනඛයින් 2,900ක් සඳහා නව නිවාස සොයාගැනීමට උපදේශක කමිටුවක් පත්කර ඇති බව පීටර්ස් සඳහන් කරනවා.

රේසින් බල්ලන් අනවශ්‍ය ලෙස ඝාතනය කිරීම වැලැක්වීම සඳහා විපක්ෂයේ කම්කරු පක්ෂයේ සහාය ඇතිව රජය අඟහරුවාදා පනතක් ඉදිරිපත් කළා.

ග්රේහවුන්ඩ් රේසිං තහනම් කිරීම සඳහා පවතින නීතිවල වෙනස්කම් සිදුකිරීම සඳහා ලබන වසරේ වැඩිදුර නීති සම්පාදනය කරන බවයි පීටර්ස් පැවසුවේ.

ග්‍රේහවුන්ඩ් රේසිං නවසීලන්ත සභාපති ෂෝන් හැනන් පැවසුවේ ප්‍රතිසංස්කරණ සඳහා විශාල වශයෙන් ආයෝජනය කළ කර්මාන්තයකට මෙම තීරණය “විනාශකාරී පහරක්” බවයි.

නවසීලන්තය යනු අමෙරිකාව, අයර්ලන්තය, ඕස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍යය සමඟින්, වානිජ ග්‍රේහවුන්ඩ් ධාවන තරඟ සඳහා තවමත් අවසර දී ඇති රටවල් පහෙන් එකක්.

එය නවසීලන්තයේ ඩොලර් බිලියන 1.3 ($ මිලියන 760) ධාවන කර්මාන්තයෙන් 8.5% ක් වන අතර පූර්ණ කාලීන රැකියා 1,000 කට වඩා වැඩි ප්‍රමාණයක් ඇති බව දත්ත පෙන්වා දෙනවා.

World News