මැතිවරණ කොමිසම අද රැස්වීමට නියමිතයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම දෙසට දේශපාලන අවධානය යොමු වීමත් සමඟ ජාතික මැතිවරණ කොමිසම ඒ පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කරනු ඇති.
අද පැවැත්වෙන රැස්වීමේදී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙන අතර දීර්ඝ වශයෙන් තීරණයකට එළැඹීමට නියමිතයි.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසන්නේ මැතිවරණ කොමිසමට ලැබුණු පැමිණිලි මත මැතිවරණ කොමිසම විසින් මැතිවරණ කඩාකප්පල් කිරීම සඳහා සංවිධානය කර තිබූ උත්සව 30කට ආසන්න ප්‍රමාණයක් නවතා දමා ඇති බවයි.
දේශපාලන මැදිහත්වීම් ඇතිව මහජනතාවට පත්කිරීම්, සහන බෙදාදීම ඇතුළු කටයුතු මේ වනවිට නවතා දමා ඇති බවද ඔහු සඳහන් කළා.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එම ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා අවශ්‍ය නිලධාරී කණ්ඩායම් පත් කරන බවද ඔහු අවධාරණය කළා.
මේ අතර ජනාධිපතිවරණය පවත්වන දිනය හෙට (26) මධ්‍යම රාත්රියේදී බොහෝ දුරට ප්‍රකාශ කෙරෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරනවා.
එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට සූදානමින් සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයට ඊයේ දැනුම් දුන්නා.
මේ අනුව ගැසට් නිවේදනය නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පැවසුවා.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවේ එම නිවේදනය දැනටමත් සකස් කර අවසන් බවයි.