Latest News

ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවු බිහිසුණුම ගුවන් අනතුර සිදුව වසර 50ක් සපිරෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වු බිහිසුණුම ගුවන් අනතුර සිදුව ඊයේ (04) දිනට වසර පනහක් සපිරෙනවා.

ඒ, නිමිත්තෙන් එම අනතුර සිදු වු සප්ත කන්‍යා පාමුල අනතුරෙන් ජිවිතක්ෂයට පත් අයගේ සිරුරු මිහිදන් කර ඇති ස්ථානය අසළ ඉදි කර ඇති ස්මාරකය අසළ මිය ගිය අයට පිං අනුමෝදම් කිරිමේ වැඩසටහනක් ඊයේ (04) දින පස්වරුවේ සිදු කෙරුණා.

නෝටන්බ්‍රිජ් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කපිල විජේසුරිය මහතා, නෝටන්බ්‍රිජ් පොලිසියේ නිලධාරින් සහ මුරුත්තැන්න වත්තේ වතු කම්කරුවන් එක්ව මෙම පිංකම සිදු කරනු ලැබුවා.

ස්මාරකය අසළට නෝටන්බ්‍රිජ් ජම්බුගස්තැන්න ශ්‍රි නිශ්ශංකමල්ලව විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය උඩගම සීලරතන හිමියන් වඩම්මවා ආගමික වතාවන් සිදු කර මිය ගිය අයට පැන් වඩා පිං අනුමෝදම් කිරීමක් සිදු කළා.

ස්මාරකය අසළ පොල්තෙල් පහන් දල්වා මියගිය අය සිහි කර විනාඩියක නිශ්ශබ්දතාවයක නියැලීමෙන් අනතුරුව එම ස්ථානයට වැඩම කළ සංඝ රත්නයට පිරිකරක් ද පුජා කරනු ලැබුවා.

මාර්ටින් එයාර් ගුවන් සමාගමට අයත් ඩී.සි 08 ගුවන් යානය 1974 වසරේ දෙසැම්බර් 04 දින ඉන්දුනීසියාවේ සුරවේයාර් ගුවන්තොටුපලේ සිට මක්කම දක්වා පියාසර කරමින් තිබියදි එදින රාත්‍රි 10.10 ට ගුවන් යානය නෝටන්බ්‍රිජ් සප්ත කන්‍යා කදු මුදුණේ ගැටි එහි ගමන් ගත් මගින් 182 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 09 දෙනෙකු ජිවිතක්ෂයට පත් වුණා.

මෙම අනතුරෙන් මිය ගිය 191 දෙනෙකුගෙන් ඩි.සි 08 ගුවන් යානයේ ගුවන් සේවිකාවකගේ මල සිරුර ඇයගේ පෙම්වතා විසින් හෙලිකොප්ටරයකින් ඉන්දුනිසියාව වෙත රැගෙන ගොස් මිහිදන් කර ඇති බවද සඳහන්.

World News

Send your contact Details Today