Latest News

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසක අද වායු ගුණ තත්ත්වය සුළු වශයෙන් අහිතකර මට්ටමක

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අද (02) දිනයේ ප්‍රදේශ රැසක වායු ගුණ තත්ත්වය සුළු වශයෙන් අහිතකර තත්ත්වයක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අධ්‍යයන සහ සේවා අංශය පවසනවා.

ඒ අනුව කොළඹ, යාපනය, කුරුණෑගල, මහනුවර, කෑගල්ල, ගාල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙම තත්ත්වය පැවතිය හැකි බවයි සඳහන් වෙන්නේ.

මේ හේතුවෙන් සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීමේ හැකියාව ඇති බවත් එලෙස තත්ත්වයක් ඇතිවුවහොත් වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙස වැඩිදුරටත් දැනුම් දෙනවා.

World News

Send your contact Details Today