නැගෙනහිර උගන්ඩාවේ අධික වර්ෂාව හේතුවෙන් සිදුවූ නායයෑම්වලින්, පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තවත් 100 කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.
උගන්ඩා රතු කුරුස සංගමය සඳහන් කරන්නේ, පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවන නමුත් මියගිය සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි.
කඳුකර ප්‍රදේශයේ ගම්මාන හයක නිවාස රැසක් ද මෙමඟින් පරිහානියට පත්ව ඇති බව සඳහන්.
පසුගිය දිනවල එරටට ඇද හැලුණු අධික වර්ෂාව හමුවේ නයිල් ගඟේ අතු ගංගාවක ඉවුරු කැඩී යාමෙන් පසු දැඩි ගංවතුර තත්ත්වයක් ද හටගෙන තිබුණා.