Latest News

සටන් විරාමය අතරතුර අමරිකාව විසින් ඊශ්‍රායලයට ආයුධ විකිණීමට එකඟ වෙයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායල – හිස්බුල්ලා සටන් විරාමය අතරතුර අමරිකාව විසින් ඩොලර් මිලියන 680ක ආයුධ ඊශ්‍රායලයට විකිණීමට එකඟ වී තිබෙනවා.

ලෙබනනයේ සටන් විරාමය මෙන් ගාසා තීරයේ ද සටන් විරාමයක් ඇති කිරීමට අමරිකාව පොරොන්දු වී තිබියදී මෙම අනුමැතිය ලැබීම විශේෂත්වයක්.

එමෙන්ම අමරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය ඊශ්‍රායලයට ඩොලර් මිලියන 680 ක අවි පැකේජය අනුමත කර ඇත්තේ තාවකාලිකව බව ද වාර්තා වනවා.

මෙම ආයුධ පැකේජය ලබාදීම පිළිබඳ යෝජනාවට අනුමැතිය ලබා ගැනීම සඳහා මාස ගණනාවක් ගතව තිබූ අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී කොන්ග්‍රස් කමිටුව විසින් එය පුළුල් ලෙස සමාලෝචනය කර තිබුණා.

ඒ අනුවයි මෙම අනුමැතිය ලැබී ඇත්තේ. එම යෝජනාව අනුව කුඩා බෝම්බ සිය ගණනක් හා ප්‍රහාරක යුධෝපකරණ කට්ටල දහස් ගණනක් ඊට ඇතුළත්.

World News