වෙළඳ ප්රචාරණයන්ට සාපේක්ෂව, මිලදී ගැනීමට ඇති සනීපාරක්ෂක තුවා ප්‍රමිතිගත නොවන බවට චීන නිෂ්පාදක සමාගම්වලට චෝදනා එල්ලවී තිබෙනවා.
ඒ අදාළ සමාගම් විසින් නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා, කෙටි බව පෙන්වා දෙමින්.
මෙම චෝදනා හමුවේ එම සමාගම් සමාව අයැද ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ගැටළුව කරළියට පැමිණ ඇත්තේ චීන කාන්තාවන් ජනප්‍රිය සන්නාම සහිත සනීපාරක්ෂක තුවාවල දිග මැනීමේ ප්‍රවණතාවක්, සමාජ මාධ්‍ය ඔස්සේ දියත් කිරීමෙන් පසුව බව සඳහන්.
ඒ අනුවයි, ප්රචාරණයන්ට සාපේක්ෂව ඇසුරුම් කර ඇති සනීපාරක්ෂක තුවා කෙටි බව හඳුනාගෙන ඇත්තේ.
මේ සම්බන්ධයෙන් එරට කාන්තාවන් අතර කලක් තිස්සේ පුළුල් කතාබහක් නිර්මාණයව පැවති බවත් සඳහන් වනවා.
මෙම අනාවරණයෙන් පසුව සනීපාරක්ෂක තුවා නිසි ප්‍රමිතියෙන් යුක්ත වනවාදැයි සොයා බැලීමට බලධාරීන් කටයුතු කරනු ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.