ශ්‍රී ලංකාවේ ‘Ca’ දිගුකාලීන විදේශ මුදල් ශ්‍රේණිගත කිරීමේ දර්ශකයෙන් ඉහළ නැංවිය හැකි බව Moody’s ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය පසුගිය දා සඳහන් කර තිබෙනවා.
ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කිරීම අරමුණු කරගත් රජයේ බැඳුම්කර හුවමාරු දීමනාවෙන් පසුව, Moody’s විසින් ශ්‍රී ලංකාවේ ‘Ca’ දිගුකාලීන විදේශ මුදල් ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවිය හැකි බව මෙසේ ප්‍රකාශ කර ඇති බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත්, පසුගිය අඟහරුවාදා දිනයේ දියත් කරන ලද බැඳුම්කර හුවමාරුව, ඩොලර් බිලියන 12.55 ක ණය ප්‍රතිව්‍යුහගතකරණය, ආර්ථිකය ස්ථාවර කිරීමේ ප්රයන්තයන්වල වැදගත් කොටසක් බවද ශ්‍රේණිගත කිරීමේ දී සඳහන් කර තිබීම විශේෂත්වයක්.