Latest News

මියන්මාර හමුදා ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමට විමර්ශන

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මියන්මාරයේ හමුදා ප්‍රධානි මින් ඕන් ලාන්ග් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙනවා.

ඒ මියන්මාරයේ සිටි රොහින්යා සරණාගතයින් රටින් පන්නා දැමීමට අණ දුන් බවට චෝදනා එල්ල වීම හේතුවෙන්.

ඔහුට එරෙහිව චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බව පවසමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ඉහළ පෙළේ නියෝජිතයකු විසින් කරුණු දක්වා තිබුණා.

ඒ අනුව හමුදා ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කිරීමට විනිසුරුවරුන් තුන්දෙනෙකුගෙන් සමන්විත ජාත්‍යන්තර අපරාධ අධිකරණය සූදානම් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

World News