Latest News

අදානි සමූහයට ඩොලර් බිලියන 55 කට ආසන්න පාඩුවක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පසුගියදා අමෙරිකා එක්සත් ජනපදය අදානි සමූහයට විරුද්ධව එල්ල කළ චෝදනා නිසා, සමාගමට ඩොලර් බිලියන 55 කට ආසන්න පාඩුවක් සිදු වූ බව අදානි සමූහය පවසනවා.

නොවැම්බර් 20 නිව් යෝර්ක්හි අධිකරණයක් චෝදනා කළේ ප්‍රකෝටිපති කර්මාන්ත නිර්මාතෘ ගෞතම් අදානි සහ බහුවිධ යටත් නිලධාරීන් පිරිසක් මූල්‍ය දූෂණ සිදු කර ඇති බවයි.

මේ මගින් ජාත්‍යන්තර ආයෝජකයින් හිතාමතාම නොමඟ යවා ඇති බවටයි අමෙරිකානු අභිචෝදකයන් සඳහන් කළේ.

කෙසේ වෙතත් අදානි සමූහය මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර තිබෙනවා.

නමුත් තම ඉහළ නිලධාරීන්ට එරෙහිව එක්සත් ජනපදයේ දූෂණ චෝදනා එල්ල වීමෙන් පසු තමන්ට ඩොලර් බිලියන 55කට ආසන්න අලාභයක් සිදුව ඇති බවයි අදානි සමාගම සඳහන් කරන්නේ.

අමෙරිකා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව මගින් එම අධිචෝදනා පත්‍රය ලබා දීමෙන් පසු, අදානි සමූහය එහි ලැයිස්තුගත සමාගම් 11 හරහා එහි වෙළඳපල ප්‍රාග්ධනීකරණයෙන් ඩොලර් බිලියන 55 කට ආසන්න අලාභයක් අත්විඳ ඇති බව නිවේදනයක් නිකුත් අදානි සමාගම පවසනවා.

World News