Latest News

කාන්තාවන්ට මාරාන්තිකම ස්ථානය ගැන නවතම වාර්තාවක් නිකුත් කෙරේ

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කාන්තාවන්ට මාරාන්තිකම ස්ථානය නිවස බව ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ ජගත් සංවිධානයේ නවතම වාර්තාවක දැක්වෙනවා.

ගෝලීය ස්ත්‍රී ඝාතන වාර්තාව අනුව 2023 වසරේ දී ඝාතනයට ලක්වූ කාන්තාවන් හා ගැහැණු ළමුන් 85,000න් 60%ක් පමණ ඝාතනයට ලක්ව ඇත්තේ සමීප සහකරුවෙකු හෝ සාමාජිකයෙකු අතින්.

2023 වසරේ දී දිනකට සාමාන්‍යයෙන් කාන්තාවන් 140 දෙනෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳව ජගත් සංවිධාන වාර්තාවේ දැක්වෙනවා.

ඊයේ දිනයට යෙදී තිබුණු කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් එම වාර්තාව නිකුත් කෙරුණා.

World News