ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වන අතර එය එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් විසින් මුළදී ප්‍රකාශයට පත් කළා.
සටන් විරාමය අද උදෑසන ප්‍රාදේශීය වේලාවෙන් 04:00 (GMT 02:00) ආරම්භ වූවත් ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනයේ පදිංචිකරුවන්ට අනතුරු ඇඟවූයේ තම පදිංචි නිවාස වෙත නැවත පැමිණීමෙන් වලකින ලෙසයි.
සටන් විරාමයට පෙර සිටම දේශසීමාවේ වෙඩි තැබීම් සිදුවෙමින් පවතින පසුබිමක් තුළයි සිවිල් වැසියන්ට මෙලෙස උපදෙස් ලබා දී ඇත්තේ.
නමුත් ඔවුන් තම බඩු බාහිරාදියත් සමග මේ වන විට පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊශ්‍රායලය දෙසට ඩ්‍රෝන යානා දියත් කළ බව හිස්බුල්ලා සංවිධානය පවසන අතර ඊශ්‍රායලය බේරූට් වෙත ගුවන් ප්‍රහාර දියත් කර ඇති බව සඳහන්.
හිස්බුල්ලා සංවිධානයෙන් වසරකට ආසන්න කාලයක් එල්ල වූ රොකට් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල හමුදා මීට මාස දෙකකට පමණ පෙර ලෙබනනයට ගොඩබිම් ආක්‍රමණයක් සිදු කළා.
ලෙබනනයේ සටන් විරාමය ගාසා තීරයේ ඊශ්‍රායලයේ යුද්ධයට සෘජුවම බලපාන්නේ නැති වූවත්, තමන් හමාස් සටන්කමීන්ට සහය දක්වන බව පවසමිනුයි හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලය සමඟ මෙළෙස සටන් වදින්නේ.