Latest News

ලොව වයස්ගතම මිනිසා මිය යයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව වයස්ගතම මිනිසා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව සිටි එංගලන්තයේ ජෝන් ඇල්ෆ්‍රඩ් ටිනිස්වුඩ් ජීවිතක්ෂයට පත්වූ බව ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් තහවුරු කර තිබෙනවා.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 112කුත්, දින 91ක් වූ අතර, ලොව වයස්ගතම මිනිසාගේ වාර්තාවට හිමිකම් කී වෙනිසියුලාවේ ජුවාන් විසෙන්ට් පෙරෙස් පසුගිය අප්‍රේල් මාසයේදී මෙලොවින් සමුගැනීමෙන් පසු ජෝන් ඇල්ෆ්‍රඩ් එම වාර්තාවට හිමිකම් කී බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

ලන්ඩන් නුවර නිව්සවුත්පෝර්ට් වැඩිහිටි නිවාසයක වාසය කළ ජෝන් ඇල්ෆ්‍රඩ් සුප්‍රකට ටයිටැනික් නෞකාව මුහුදුබත්වූ 1912 වසරේ උපන් අතර ලොව ජීවත්ව සිටින වයස්ගතම මිනිසා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත් වී ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේදියී.

World News