Latest News

රතු මුහුදේ අනතුරට ලක් වූ සංචාරක යාත්‍රාවෙන් අතුරුදන් වූ පුද්ගලයන් 16ක් සොයා මෙහෙයුම්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රතු මුහුදේදී අනතුරට පත්වූ සංචාරක යාත්‍රාවකින් අතුරුදන්වූ බව කියන පුද්ගලයන් 16 දෙනකු සොයා දෙවැනි දිනයටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සංචාරකයන් 44 දෙනකු රැගත් එම සංචාරක යාත්‍රාව පෙරේදා අනතුරට ලක්වූ රතු මුහුදේ ගිලී ගිය බවත්, ඊජිප්තු බලධාරීන් විසින් පුද්ගලයන් 28 දෙනකු බේරා ගැනීමට සමත් වූ බවත් වාර්තා වනවා.

අතුරුදන්වූ පුද්ගලයන් අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනකු ද සිටින අතර, මීට අමතරව ෆින්ලන්ත ජාතිකයකු හා ඊජිප්තු ජාතිකයන් සිව්දෙනකු ද සිටින බව සඳහන්.

විශාල රැල්ලකට හසුවී යාත්‍රාව ගිලෙන්නට ඇති බවට ඊජිප්තු බලධාරීන් අනුමාන කර ඇති අතර, එම යාත්‍රාව ගිලීයෑමට ගත වී ඇත්තේ මිනිත්තු 7ක පමණ කාලයක් බවත් සඳහන් කර තිබෙනවා.

‘SEA STORY‘ නමැති එම සංචාරක යාත්‍රාවේ කාර්ය මණ්ඩලයේ සියලුම සාමාජිකයන් ඊජිප්තු ජාතිකයන් වන අතර, ස්පාඤ්ඤ ජාතිකයන් පස්දෙනෙක් ඇතුළුව ජර්මානු හා අමෙරිකානු ජාතිකයන් කිහිපදෙනකුත් යාත්‍රාවේ ගමන් ගත් බවයි තහවුරු වී ඇත්තේ.

World News