ලොව දිළිඳු රටවල් සඳහා ඩොලර් බිලියන 300ක් ලබා දීමට කොප් 29 දේශගුණ සමුළුවේදී තීරණය වී තිබෙනවා.
අසර්බයිජානයේ පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුව හෙවත් කොප් 29 සමුළුවේදී මෙම තීරණය ගනු ලැබුවා.
ඒ අනුව දේශගුණික විපර්යාස සඳහා සූදානම් වීමට හා ඒවා වැළැක්වීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට ඩොලර් බිලියන 300 මුදලක් ලබා දීමට සංවර්ධිත රටවල් පියවර ගෙන තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ දේශගුණික ආයතනයේ ප්‍රධානී සයිමන් ස්ටීල් පැවසුවේ එම තීරණය ගැනීම දුෂ්කර වූ බවයි.
කෙසේ වෙතත් ස්විට්සර්ලන්තය, මාලදිවයින, කැනඩාව, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් පෙන්වා දුන්නේ ගෝලීය පොසිල ඉන්ධන භාවිතය අවම කිරීම පිළිබඳ මෙවර සමුළුවේදී වැඩි අවධානයක් යොමුවිය යුතු බවයි.
එහෙත් එම තීරණය 2025 දී පැවැත්වෙන මීළඟ කාලගුණ සමුළුවේදී සාකච්ඡා කිරීමට යෝජනා වී තිබෙනවා.