Latest News

උතුරු කොරියානු නායකයා න්‍යෂ්ටික යුද්ධයක් ගැන අනතුරු අඟවයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

උතුරු කොරියානු නායක කිම් ජොන් අන්, අමෙරිකා එක්සත් ජනපදය ආතතිය සහ ප්‍රකෝපකරණයන් වැඩි කරන බවට චෝදනා කර තිබෙනවා.

කොරියානු අර්ධද්වීපය කිසි විටෙකත් මේ ආකාරයේ න්‍යෂ්ටික යුද්ධයක විශාල අවදානමකට මුහුණ දී නොමැති බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

උතුරු කොරියානු නායකයා මෙම අදහස් පළ කර ඇත්තේ, උතුරු කොරියානු අගනුවර හමුදා අවි ආයුධ ප්‍රදර්ශනයකට එක්වෙමින්.

පසුගිය දින කිහිපය තුළ ලෝක නායකයින් උතුරු කොරියාවට චෝදනා එල්ල කළේ, ඔහු රුසියාවට සහය ලබා දෙන බව පවසමින්.

උතුරු කොරියාව යුක්‍රේනයේ රුසියානු සටන් සඳහා සෙබළුන් 10,000 ක් පමණ ලබා දී ඇති බවට චෝදනා එල්ල වූවත්, දෙරටම එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අමෙරිකා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කළත් ඒවා උතුරු කොරියාව කෙරෙහි එහි ආක්‍රමණශීලී සහ සතුරු ප්‍රතිපත්තිය කිසි විටෙකත් වෙනස් නොකළ බවයි සඳහන් කර ඇත්තේ.

උතුරු කොරියාව අමෙරිකානු ජනාධිපති ධූරයට ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත පත්වීම පිළිබඳව අදහස් දක්වා නැතත්, පසුගිය 2018 සහ 2019 කාලයේදී සිංගප්පූරුවේ, හැනෝයි සහ කොරියානු දේශසීමාවේ දී උතුරු කොරියානු නායක කිම් සමඟ එවක අමෙරිකානු ජනපති ටර්ම්ප් පෙර නොවූ විරූ හමුවීම් තුනක් පැවැත්වූවා.

World News