අමරිකාව කිසිදු අයුරකින් හොංකොං හි කටයුතුවලට මැදිහත් නොවිය යුතු බව චීනය අවධාරණය කරනවා.
“ හොංකොං ජාතිකාරක්ෂක නීතිය ” බලාත්මක කිරීමට අදාළ හොංකොං නිලධාරීන්ට එරෙහිව නව වීසා සීමා පනවනු ඇතැයි අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කිරීමත් සමගයි චීනය මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ.
මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් චියෙන් මහතා ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වා තිබෙනවා.
හොංකොං විශේෂ පරිපාලන කලාපයට ජාතිකාරක්ෂාව රැක ගැනීම හා එයට තර්ජනයක් වන සියලු ක්‍රියාවන් මර්දනය කිරීමට චීන මධ්‍යම රජය ස්ථිර ව සහාය ලබා දෙන බව ඔහු එහිදී කියා සිට තිබෙනවා.
අමරිකාව ඇතැම් නීතිමය කටයුතු හරහා චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම සහ හොංකොං හි නීතියේ පාලනයට චෝදනා කිරීම හා හානි සිදු කිරීම සම්බන්ධයෙන් චීනය දැඩිව විරුද්ධ වන බවයි ලින් චියෙන් මහතා ප්‍රකාශ කර ඇත්තේ.
අමරිකාව හොංකොං විශේෂ පරිපාලන රජයේ නිලධාරීන්ට එරෙහිව වීසා සීමා පැනවුවහොත් චීනය ඊට සමාන පියවර ගන්නා බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.