මෙතනෝල් විෂ වීම හේතුවෙන් අග්නිදිග ආසියා කලාපයේ සිදුවන මරණ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ අවධානය යොමුව තිබෙනවා.
පසුගිය දෙසතියක කාලය තුළ දී ලාඕසයේ සංචාරයට පැමිණි පුද්ගලයින් පස් දෙනෙකු මෙලෙස මෙතනෝල් විසවීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වුණා.
ඒ සමගයි එම කලාපයේ මෙතනෝල් භාවිතය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව ඇත්තේ.
මිය ගිය සංචාරකයින් අතරට බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක්, ඕස්ට්‍රේලියා ජාතික කාන්තාවක්, ඇමෙරිකා ජාතිකයෙක් හා ඩෙන්මාර්ක ජාතිකයින් දෙදෙනෙකු ඇතුළත්.
එමෙන්ම තවත් ඕස්ට්‍රේලියා ජාතික කාන්තාවක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවද සඳහන්.
ඔවුන්ගේ මරණ සම්බන්ධයෙන් විශේෂ පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයි.