Latest News

රොබෝ යන්ත්‍රයක් ආධාරයෙන් ප්‍රථමවරට ද්විත්ව පෙනහළු බද්ධයක් (VIDEO)

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ නිව්යෝර්ක් වෛද්‍යවරුන් රොබෝ යන්ත්‍රයක් ආධාරයෙන් ප්‍රථමවරට ද්විත්ව පෙනහළු බද්ධයක් සිදු කිරීමට සමත්වී තිබෙනවා.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී නිව්යෝර්ක් නගරයේ රෝහලකදීයි මෙම සැත්කම සිදු කර ඇත්තේ.

ලොව ප්‍රථම පූර්ණ රොබෝ ද්විත්ව පෙනහළු බද්ධය සිදු කිරීම රොබෝ සැත්කම්වල විශාල දියුණුවක් පෙන්නුම් කරන බව විශ්ලේෂකයින් පවසනවා.

57 හැවිරිදි ෂෙරින් මේහ්කර් නමැති කාන්තාව පසුගිය ඔක්තෝම්බර් 22වන දින සැත්කමට භාජනය කෙරුණු අතර ඇය මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වෛද්‍යවරුන් සඳහන් කරන්නේ.

ශල්‍ය වෛද්‍ය කණ්ඩායම ඉල ඇට අතර කුඩා කැපුමක් සිදු කිරීමෙන් පසුව පෙනහළු ඉවත් කිරීම, ශල්‍ය ස්ථානය සකස් කිරීම හා නව පෙනහළු බද්ධ කිරීම, රොබෝ ආධාරයෙන් සිදු කර තිබෙනවා.

World News