WhatsApp සමාගම විසින් නවතම විශේෂාංගයක් හඳුන්වාදීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව වෙනත් අයෙක් වෙත යොමු කරන ලබන හඬ පණිවුඩයක්, ඝෝෂාකාරි ස්ථානයකදී ලිඛිත පණිවුඩයක් ලෙස කියවිය හැකියි.
එම පිටපත් සම්පූර්ණයෙන්ම පරිශීලකයින්ගේ උපාංග මත සකසනු ලබන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව WhatsApp හෝ තෙවන පාර්ශවයන්ට හඬ පණිවිඩ හෝ ඔවුන්ගේ පෙළ අනුවාදවලට ප්රවේශ විය නොහැකි බව Meta සමාගම ප්රකාශ කරනවා.
අදාළ පණිවුඩට තෝරාගත් භාෂාවලින් පමණක් නිකුත් වනු ඇති අතර මෙම විශේෂාංගය ඉදිරි සති කිහිපය තුළ නිකුත් කිරීමට නියමිත බව සඳහන්.