පකිස්ථානයේ දුෂ්කර ප්‍රදේශයක් හරහා ගමන් කරමින් සිටි මගී වාහන 200කින් යුත් රථ පෙළකට නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඉන් කාන්තාවන් සහ ළමුන් ඇතුළු පුද්ගලයින් 41 දෙනෙකු මිය ගොස් ඇති අතර 16 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.
ඇෆ්ගන් දේශසීමාවට ආසන්නව පාකිස්තානයේ ගෝත්‍රික දිස්ත්රික්කයක්වන කුරම් හරහා ගමන් කරමින් සිටියදී මෙම වාහන ප්‍රහාරයට ලක්ව තිබෙනවා.
ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස් කොමසාරිස්වරයා පවසන්නේ මෙම තුවක්කුකරුවන් මුලින් රථ පෙළේ පොලිස් පරිවාර කණ්ඩායම ඉලක්ක කර ගත් බවයි.
නමුත් මෙම තුවක්කුකරුවන් ඒ මේ අත වෙඩි තැබීමෙන් මෙලෙස ජීවිත හානි සිදුව ඇති බවත්, මෙම ප්‍රදේශයේ මාස ගණනාවක් පුරා ප්රචණ්ඩ ක්‍රියා වැඩිවෙමින් පවතින බවත් ඔහු සඳහන් කර තිබෙනවා.