Latest News

මෙවර හජ් වන්දනාවේ යාම සඳහා ශ්‍රී ලංකාවෙන් 3,500 දෙනෙකුට අවස්ථාව

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3,500කට අවස්ථාව ලබාදීමට තීරණය කර තිබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

එම පිරිස ආයතන 88 කින් තෝරා ගන්නා බව කී අමාත්‍යවරයා හජ් කමිටුව විසින් ලකුණු දීමේ ක්‍රමවේදයකට අනුව අදාල ආයතන 88 තෝරාගෙන තිබෙන බවයි සඳහන් කළේ.

මෙම ආයතන 88 ට කෝටා ක්‍රමයක් යටතේ මෙම 3,500 බෙදා දී තිබෙන බවත්, යමක් කමක් තිබෙන අයම හජ් වන්දනාවේ යැවීමට මැදිහත් නොවී ආර්ථික අපහසුතා ඇති බස්නාහිර පළාතෙන් බැහැර දුරස්ථ ප්‍රදේශ වල අයටත් අවස්ථාව ලබා දෙන ලෙස එම ආයතන වලින් ඉල්ලීමක් කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

මෙම 3500ක කෝටාව සාධාරණ අයුරින් බෙදා දෙනු ඇතැයි තමන් සිතන බවද විජිත හේරත් මහතා මෙහිදී සඳහන් කළා.

World News