ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා 11/05 උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
24 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචාරකයන් පිරිස දින 14 ක් ශ්‍රී ලංකාවේ සංචාරයෙහි නිරත වීමට නියමිතයි.
ඔවුන් පිරිස පැය 24 ක දීර්ඝ ගුවන් ගමනකින් පසුව 11/05 දින උදෑසන 08.33 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ EK – 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
මෙම අයිස්ලන්ත සංචාරකයන් පිරිස කොළඹ, හබරණ, මහනුවර, සීගිරිය, දඹුල්ල, බෙන්තොට, ඇල්ල සහ යාළ යන ප්‍රදේශ වල සංචාරයෙහි නියැළීමට සැළසුම් කර තිබෙනවා.