Latest News

අන්තර්ජාලය හරහා රුපියල් කෝටි 5,000කට අධික මුදලක් වංචා කළ විදෙස් ජාතිකයන් 37ක් රිමාන්ඩ්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අන්තර්ජාලය හරහා රුපියල් කෝටි 5,000කට අධික මුදලක් වංචා කළේ යැයි කියන චීන ජාතකයින් ඇතුළු විදෙස් සැකකරුවන් 37 දෙනෙකු ලබන 25 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (18) නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුගිය 04 දින රක්ෂිත බන්ධනාගාර ගත කළ අනුරාධපුරයේ ගවේෂ බණ්ඩාර නමැති 22 හැවිරිදි තරුණයකු,කොළඹ තරුණියක හා චීනය, පාකිස්ථානය, ඉන්දියාව, බංගලාදේශය, ඉන්ඳුනීසියාව ,ඇල්ජීරියාව හා නේපාලය රටවල තරුණයින් 31ක් හා තරුණියන් 05 ක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම කරුණු ඉදිරිපත් කළා.

සැකකරුවන් අන්තර්ජාල ජාවාරම සඳහා යොදාගත් මීගමුවේ ඒත්තුකාල මහල්තුනක කාමර 30 යුත් හෝටලය තහනම් කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

World News