ඔක්තෝබර් මාසයේ කොළඹ උද්ධමනය 0.8% ක් දක්වා අඩු වී තිබෙනවා.
පසුගිය සැප්තැම්බර් මස කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය -0.5%ක් වුණා.
ඔක්තෝබර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 1.0% දක්වා වැඩි වී ඇති අතර 2024 සැප්තැම්බර් මාසයේ දී එය වාර්තා වුයේ -0.3%ක් ලෙසයි.
2024 ඔක්තෝබර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය -1.6% ක් දක්වා අඩු වී ඇති අතර එය 2024 සැප්තැම්බර් මාසයේ දී -0.5% ක් ලෙස වාර්තා වුණා.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 ඔක්තෝබර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරමින් ඒ බව සඳහන් කළා.