ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට (30) ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එමෙනම් නොවැම්බර් 01 වැනිදා සහ 04 වැනිදා යන දිනවලදීද තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු සිදු කෙරෙන බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.
එම දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයන්ට නොවැම්බර් 07 සහ 08 යන දෙදින ඒ සඳහා අවශ්‍ය පහසුකම් සළසා තිබෙනවා.
2024 පාර්ලිමේන්තු මැතිවරණය ලබන මස14 වැනිදා පැවැත්වීමට නියමිතයි.
මේ අතර නොවැම්බර් 03 ඉරිදා දිනය, මහමැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස නම් කර තිබෙනවා.
එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොළඹ සහ වන්නි දිස්ත්‍රික්කවල නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ඊයේ දිනයේ ආරම්භ කළ බව සඳහන්.
ඒ සඳහා 8,000ක පමණ සේවක පිරිසක් යොදවා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළා.