Latest News

ඉරාණ ජාතිකයෙකු, ඉතාලි ජාතිකයෙකුට අයත් ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට ඇතුළුවීමට උත්සහ කරයි

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉතාලි ජාතිකයෙකුට අයත් ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට ඇතුළුවීමට තැත් කළ ඉරාන ජාතිකයෙකු 10/16 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඔහු ආපසු පිටුවහල් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

මොහු 40 හැවිරිදි ඉරාන ජාතිකයෙක්.

ඔහු 10/16 දින අලුයම 04:25 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර සිට එයාර් ඇරේබියා ගුවන් සේවයේ G – 9502 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ගුවන් තොටුපොළ වෙත පැමිණ ( On Arrivel Visa ) මෙරටට ඇතුළු වීම සදහා වීසා බලපත්‍රය ලබා ගැනීම මොහු ඉදිරිපත් කළ ඉතාලි ජාතික ගමන් බලපත්‍රයේ තොරතුරු, ජාත්‍යන්තර ඉන්ටර්පෝල් පොලිසියේ නැතිවූ සහ සොරකම් කරන ලද ගමන් බලපත්‍ර පිළිබඳ දත්ත පද්ධතිය වෙත යොමු කළ විට , එම පද්ධතියේ සදහන් ගමන් බලපත්‍රයක් බවට සනාථ වී තිබෙනවා.

ඉන්පසුව මෙම ඉතාලි ජාතික ගමන් බලපත්‍රය පිළිබඳ තොරතුරු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ජාතික මධ්‍යම කාර්යාංශය වෙත ද යොමු කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තු පියවර ගෙන තිබුණා.

එහිදී ද මෙම ඉතාලි ජාතික ගමන් බලපත්‍රය නැතිවූ සහ සොරකම් කරන ලද ජාත්‍යන්තර පොලිස් තොරතුරු පද්ධතියේ සදහන් ගමන් බලපත්‍රයක් බවට සනාථ වී තිබෙනවා.

මෙම විමර්ශන සිදු කෙරෙමින් පවතින අතරතුර මෙම ඉරාන ජාතිකයා එම ස්ථානයෙන් හෙමින් පිටවී ගොස් ඔහු මෙතෙක් සගවා ගෙන සිටි ඉරාන ජාතික ගමන් බලපත්‍රය අසළ තිබූ ආගමන කවුළුවක් වෙත ඉදිරිපත් කර යළිත් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කර තිබුණා.

මේ බව නිරීක්ෂණය කළ එහි සේවය කළ ආගමන විගමන නිලධාරීවරයා යළිත් මොහු පිළිබඳ විමර්ශන කටයුතු සිදු කෙරෙන ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

පසුව ඉතාලි ජාතික ගමන් බලපත්‍රය ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත යොමු කර එහි තාක්ෂණික පරීක්ෂා කිරීම් වලට ද යොමු කර තිබෙනවා.

ඉරාන ජාතිකයා මෙරටට ඇතුළු වී පසුව යුරෝපය වෙත පළා යාමට සැළසුම් කර තිබූ බව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර ගැනීමට සමත් වී තිබුණා.

සියලුම විමර්ශන කටයුතු වලදී මෙම ඉරාන ජාතිකයා ඉදිරිපත් කළ ගමන් බලපත්‍රය නැතිවූ සහ සොරකම් කරන ලද එකක් බවට කරුණු සනාථ වීම නිසා , මෙම ඉරාන ජාතිකයා , ඔහු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයෙන්ම ආපසු සාජා නුවර බලා පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබුණා.

World News