එළඹෙන 22 සඳුදා සිට සති දෙකක කාලයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.
ඒ අනුව පාසල්වලින් බැහැරව සිදුකරන සියලු ක්‍රියාමාර්ගවලින් ඉවත්වීමටයි එම සන්ධානය තීරණය කර ඇත්තේ.
ඊයේ (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මේ බව පැවසුවා.