ශ්‍රී ලංකාවේ සිටි අති දක්ෂ ප්‍රහසන රංගන ශිල්පී ෆ්‍රෙඩි සිල්වා මහතාගේ බිරිඳ වන ප්‍රවීණ රංගන ශිල්පිනී මානෙල් චන්ද්‍රලතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජීවිතක්ෂයට පත්වන විට ඇගේ වයස අවුරුදු 68ක්.
වසර පහළොවක පමණ කාලයක සිට පිළිකා රෝගයෙන් පීඩා විඳි ඇය අද දිනයේ උදෑසන මහරගම පිළිකා රෝහලට ඇතුළත් වීමට සූදානමින් සිට තිබෙනවා.
දේහය දැනට ගල්කිස්ස මහින්ද මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසාන කටයුතු (18) ගල්කිස්ස සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.