Latest News

ශ්‍රී ලංකාවේ සියලුම මහ බැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරමින් මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මින් ඉදිරියට හිටපු අධිපතිවරුන්ට හෝ වර්තමානයේ සහ අනාගතයේ පත්වන කිසිදු අධිපතිවරයෙකුට විශ්‍රාම වැටුප නොලැබෙන බවයි එහි සඳහන් වන්නේ.

මෙය පසුගිය සැප්තැම්බර් 11 වෙනි දින සිට එය බලපැවැත්වෙනු ලබනවා.

මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප 1998 වසරේ ජනවාරි මස පළමු වනදා සිට අහෝසි කර තිබූ අතර පසුව යළිත් 2015 වසරේ ජනවාරි පළමු වැනිදා සිට එය ක්‍රියාක්මක කෙරුණා.

ඒ අනුව හිටපු මහ බැංකු අධිපතිවරුන්ටත් 2015 ජනවාරි පළමු වනදා සිට මාසික විශ්‍රාම වැටුප හිමි වුණා.

මහ බැංකු අධිපතිවරයාට අවසන් වරට ගෙවූ මූලික වැටුපෙන් සියයට 74කට සමාන මාසික විශ්‍රාම වැටුපක් ඔහු සේවය කළ වසර ගණන නොසලකා ලබා ගැනීමට එමගින් හිමිකම් ලබාදී තිබුණා.

මෙම නව ගැසට් නිවේදනයට අනුව මින් පසු කිසිදු මහ බැංකු අධිපතිවරයෙකුට විශ්‍රාම වැටුපක් හිමිවන්නේ නැහැ.

World News