Latest News

ඩොලරය වේගයෙන් පහළට

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රුපියල් 300 න් පහළ මට්ටමට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (02) එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 290.30 ක් සහ විකුණුම් මිල රු. 299.35 ක් ලෙස සටහන් වුණා.

ඩොලරයේ විකුණුම් මිල මෙලෙස රුපියල් 300 සීමාවෙන් පහළට පැමිණ ඇත්තේ 2023 ජුනි 08 වන දිනෙන් පසුව පළමු වතාවට වීම විශේෂත්වයක් වනවා.

මේ අතර අද දින ඩොලරයේ මධ්‍ය අගය සටහන් වන්නේ රු. 295.62 ක් ලෙසයි.

World News