Latest News

අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකාවේ කෑම වර්ග කිහිපයක මිළ පහළට

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අද (16) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ගණන් පහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල්හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ විදුලි බිල අඩුවීමේ සහනය ලෙසයි.

ඒ අනුව සාමාන්‍ය බත් පැකට්ටුවක මිල රුපියල් 25කින් අඩුකරන බවයි එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියේ.

මේ අතර රයිස් සහ කොත්තු මිලත් රු 25කින් පහළ දමන අතර, පරාටා, බිත්තර රොටි සහ කෙටි ආහාර වර්ග සියල්ල රුපියල් 10කින් පහළ දැමීමට නියමිතයි.

ප්ලේන් ටී එකක් රුපියල් 5කි අඩු කිරීමට නියමිත අතර මෙම සහනය දිවයින පුරා සියලු පාරිභෝගිකයින්ට ලබාදීමට කටයුතු කරන ලෙසට ද සභාපතිවරයා ආපනාශාලාහිමියන්ගෙන් ඉල්ලා සිටියා.

World News