Latest News

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා.

දරුවන් රැකගමු – සමසේ සලකමු යන්න මෙවර ළමා දිනයේ තේමාවයි.

ළමුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසනවා.

එහි සභාපති සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය පැවසුවේ ළමයින්ට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම මව්පියන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ද යුතුකමක් බවයි.

මේ අතර දරුවන්ට හිමි ළමා ලෝකය නැවත දරුවන්ට දිනා දීම අපගේ පුනරුද යුග කාර්යයේ මාහැඟි අරමුණ බව ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

එමෙන්ම ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නේ “අපේ අනාගතය සඳහා කරන ආයෝජනයන් යනු අපේ දරුවන් වෙනුවෙන් ආයෝජනය කිරීමයි” යන මෙවර ජාත්‍යන්තර ළමා දින තේමාව, පාඨයකට සීමා නොකර යථාර්තයක් කිරීම සිය රජයේ අරමුණ බවයි.

World News