ජූලි මාසය අවසන් වීමට පෙර ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරනවා.
මැතිවරණ කොමිසම් සභාවේ සභාපති, ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා අද විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළා.
ඒ අනුව සැප්තැම්බර් 17 න් පසුව එළඹෙන සුදුසු දිනකදී ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ඕනෑම අයෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනාධිපති පනත අනුව මෙම දින පිළිබඳ සලකා බැලිය හැකි බව ද රත්නායක මහතා පැවසුවා.
ඡන්ද විමසීමේ දැන්වීම නිකුත් කරන දිනයේ සිට දින 16ත් – 21ත් අතර ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම සිදුකළ යුතු වනවා.
නාමයෝජනා භාරගැනීමේ දිනයේ සිට සති 4ත් – 6ත් අතර කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව ද සභාපතිවරයා සඳහන් කළා.