පාරිභෝගිකයන් ඉල්ලා සිටින විට මුද්‍රිත විදුලි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.
නව විදුලි ගාස්තු සංශෝධනයත් සමග ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට පනවා ඇති කොන්දේසි හත තුළ මේ බව සඳහන්.
ඒ අනුව පාරිභෝගිකයාගේ ඉල්ලීම මත අකුරු නොමැකී යන ආකාරයේ කල් තබා ගත හැකි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජික ඩග්ලස් නානායක්කාර මහතා පැවසුවේ.
විදුලි බිල වත්කමක් බවත් දරුවන් පාසලට ඇතුළත් කර ගැනීම, පදිංචිය තහවුරු කිරීම වැනි දෑ සඳහා මුද්‍රිත විදුලි බිල්පත් අවශ්‍ය බැවින් මහජනතාවගේ ඉල්ලීම් සලකා බලමින් මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කළා.
2030 වර්ෂය දක්වා පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලසුම සකස් කර ඉදිරිපත් කිරීම, 2023 වර්ෂයේ අවසන් කාර්තුවේ පිරිවැය සම්බන්ධයෙන් පුළුල් ස්වාධීන විගණනයක් කර කොමිෂන් සභාවට වාර්තා කිරීම ඇතුළු කොන්දේසි විදුලි බල මණ්ඩලයට පනවා ඇති කොන්දේසි අතර වනවා.