ජනාධිපතිවරණයට අදාළ සියලුම මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද (18) මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව අද (18) මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ ප්රචාරක කටයුතු කරන පුද්ගලයන් හට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.
මේ අතර ජනාධිපතිවරණයට අදාළව ගත වූ පැය විසි හතර තුළ තවත් මැතිවරණ පැමිණිලි 156ක් ලැබී තිබෙනවා.
ඒ අනුව ලැබි ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 4,737ක් දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එම පැමිණිලි පසුගිය ජූලි මස 31 වනදා සිට ඊයේ (17) දිනය දක්වා ලැබි ඇති බව සඳහන්.
ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1,438ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානවලට පැමිණිලි 3299ක් ලැබී ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.
ඉන් පැමිණිලි 4,602 ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ලැබී තිබෙනවා.
දින දින ඉහළ යන මැතිවරණ පැමිණිලි ලැබී තිබෙන පැමිණිලි අතරින් පැමිණිලි 4,209ක් විසඳහා ඇති අතර පැමිණිලි 528ක් පිළිබඳව ක්‍රියා කරමින් පවතිනවා.