Latest News

පියුමි හංසමාලි අත්අඩංගුවට ගැනීම ගැන අභියාචනාධිකරණයට විශේෂ දැනුම්දීමක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විමර්ශනයකට භාජනය වී සිටින නිරූපණ ශිල්පිණියක වන පියුමි හංසමාලි ලබන සැප්තැම්බර් මස 20 වනදා දක්වා අත්අඩංගුවට ගැනීමක් නොකරන බවට අභියාචනාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් දැනුම් දී තිබෙනවා.

එහෙත් පියුමි හංසමාලිට එරෙහි විමර්ශන බාධාවකින් තොරව ඉදිරියට පවත්වාගෙන යා හැකි බවයි අධිකරණයට දැනුම් දී ඇත්තේ.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පියුමී හංසමාලි විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අද (15) අභියාචනාදීකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකළා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ, විමර්ශන කටයුතු අවසන් වනතුරු පෙත්සම්කාරිය අත්අඩංගුවට ගැනීමක් නොකරන බවයි.

ඒ අනුව පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 20 වන දා කැඳවීමටද දින නියම වුණා.

World News