පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්ය අංශයේ සේවකයන්ට ඡන්දය පාවිච්චි කිරීම සඳහා නිවාඩු දෙන ලෙස පැෆරල් සංවිධානය සියලුම පෞද්ගලික ආයතනවලින් ඉල්ලීමක් කරනවා.
යම් සේවා යෝජකයකු එම නීතිය නොසලකා හැර කටයුතු කර අධිකරණයේ ඉදිරියේ වරදකරුවකු වුවහොත් ලක්ෂ දෙකක දඩයක් සහ මාසයක සිරදඬුවමක් හිමිවන බවයි එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ.
එවැනි සිද්ධීන් වාර්තා වුවහොත් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට පියවර ගන්නා බවද ඔහු ප්රකාශ කළා.
එවැනි සිද්ධි ඇතිවුවහොත් වහාම දැනුම් දෙන ලෙස පැෆරල් සංවිධානය සේවකයන්ගෙන්ද ඉල්ලීමක් කරනවා.