ජනාධිපතිවරනයේදී ඉදිරිපත්වී සිටින අපේක්ෂකයින් ප්රවර්ධනය කිරීම සඳහා නිවෙස් වෙත යාමට හැකියාව ඇත්තේ පුද්ගලයින් 5 දෙනෙකුට පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එම කොමිසමේ සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා සඳහන් කලේ නිවෙස් වෙත ගොස් අත්පත්රිකා බෙදීමේදී පෙලපාලි වශයෙන් ගමන් කිරීමට නීතියෙන් අවසර දී නොමැති බවයි.
ඒ අනුව පස්දෙනෙකුට නොවැඩි කණ්ඩායමකට පමණක් නිවෙස් වෙත ගොස් අත්පත්රිකා බෙදීමට හැකියාව ඇති බව එතුමා ප්රකාශ කලා.
මේ අතර අපේක්ෂකයින් ප්රවර්ධනය සඳහා වාහනවල ස්ටිකර් ඇලවීම සම්බන්ධයෙන් ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල් රත්නායක අදහස් පලකලා .
ඒ අනුව වාහන වල ස්ටිකර් අලවා ප්රදර්ශනය කල හැක්කේ මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින්ට පමණයි.
අදාල අපේක්ෂකයාගේ වහනය හැර අනෙකුත් සියලුම වාහන වල ස්ටිකර් හෝ වෙනත් ප්රදර්ශන පත්ර ඇලවීම නීතිවිරෝධී බවද එතුමා ප්රකාශ කලා.ජනාධිපතිවරනයේදී ඉදිරිපත්වී සිටින අපේක්ෂකයින් ප්රවර්ධනය කිරීම සඳහා නිවෙස් වෙත යාමට හැකියාව ඇත්තේ පුද්ගලයින් 5 දෙනෙකුට පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එම කොමිසමේ සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා සඳහන් කලේ නිවෙස් වෙත ගොස් අත්පත්රිකා බෙදීමේදී පෙලපාලි වශයෙන් ගමන් කිරීමට නීතියෙන් අවසර දී නොමැති බවයි.
ඒ අනුව පස්දෙනෙකුට නොවැඩි කණ්ඩායමකට පමණක් නිවෙස් වෙත ගොස් අත්පත්රිකා බෙදීමට හැකියාව ඇති බව එතුමා ප්රකාශ කලා.
මේ අතර අපේක්ෂකයින් ප්රවර්ධනය සඳහා වාහනවල ස්ටිකර් ඇලවීම සම්බන්ධයෙන් ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල් රත්නායක අදහස් පලකලා .
ඒ අනුව වාහන වල ස්ටිකර් අලවා ප්රදර්ශනය කල හැක්කේ මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින්ට පමණයි.
අදාල අපේක්ෂකයාගේ වහනය හැර අනෙකුත් සියලුම වාහන වල ස්ටිකර් හෝ වෙනත් ප්රදර්ශන පත්ර ඇලවීම නීතිවිරෝධී බවද එතුමා ප්රකාශ කලා.